Monday, November 25, 2024

General line - 0115112241

ඉතිහාසය අලුත් කරමින් LPL අද ඇරඹෙයි




LPL පන්දුවාර 20 - 20 ලීග් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

පලමු තරගය පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයික්ස් යන කණ්ඩායම් අතරයි.

මෙවර LPL තරගාවලිය කරුණු රැසක් හේතුවෙන් විශේෂ වනවා.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ක්‍රීඩක වෙන්දේසි ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර වෙන්දේසියකින් ක්‍රීඩකයින් තෝරාගෙන ලොව පැවැත්වෙන දෙවනි ක්‍රීකට් ලීග් තරගාවලිය ද මෙයයි. 

එමෙන්ම, මෙවර ශූරයින්ට පිරිනමන කුසලානය ද විශේෂ වනවා. කුසලානය සකස් කර ඇත්තේ, ප්‍රතිචක්‍රිකරණය කල ඇලුමේනියම්වලින්.

ඒ සඳහා ඇලුමේනියම් සොයාගෙන ඇත්තේ වෙරල තීරයෙන්.

කුසලානය නිර්මාණය කිරීමට යොදාගෙන ඇති ඇලුමේනියම් කෑන් ප්‍රමාණය 2500කට අධිකයි.

එලෙස ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියකින් සැකසූ පළමු කුසලානය මෙය බවටයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියට කණ්ඩායම් 05ක් එක්වනවා.

මූලික වටයේදී තරග 20ක් පැවැත්වෙන අතර ඉන් 12ක් පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

ඉතිරි තරග 8 පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතයි.

අවසන් තරගය ඇතුළු අවසන් වටයේ තරඟ 4 පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

මීට පෙර පැවති LPL තරගාවලි හා සැසදීමේදී මෙවර තරගාවලියට ජාත්‍යන්තර වශයෙන් නම් දැරූ ක්‍රීඩකයින් රැසක් එක්වනවා.

බාබර් අසාම්, මුජීබ් උර් රෙහෙමාන්, ඩේවිඩ් මිලර්, ශකීබ් අල් හසන්, ෆකර් සමාන්, ටැබ්රයිෂ් ෂැම්සි, නෂීම් ෂා ඒ අතරින් ප්‍රධානයි.