ඉන්දියාවේ අවශ්‍යතාවය මත එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන වෙනස් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය දැන් පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 14 වනදායි.
මීට පෙර එම තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර් මස 15 වනදායි.
තරඟය දිනක් ඉදිරියට ගැනීමට ඉන්දියාව තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පාකිස්තාන තරඟයද වෙනස්වී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා තරඟයෙන් පසුව ඉන්දිය තරඟයට සහභාගිවීම සඳහා ඇති කාලය පාකිස්තානයට ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.
ඒ අනුව නව කාලසටහනට අනුව ශ්‍රී ලංකා පාකිස්තාන තරඟය පැවැත්විමට සැලසුම් කර ඇත්තේ ඔක්තෝම්බර් 10 වනදායි.
මීට පෙර එම තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර් 12 වනදායි.
මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ලෝක කුසලාන තරඟ කාලසටහනට අනුව ඉන්දු පාකිස්තාන තරඟය පැවැත්වෙන දිනවල ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි ඉන්දියාව පවසන්නේ.
ඒ, අදාළ දිනවල හින්දු නව රාත්‍රී උත්සවය පැවැත්වීම හේතුවෙන්.
කෙසේවෙතත් ඉන්දියාවේ මෙම තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ දක්වා අනුමත කර නැහැ.