Monday, November 25, 2024

General line - 0115112241

ලංවිම කළ ඉල්ලීම ගැන තීරණයක් ගන්න මහජන උපයෝගිතා කොමිසම සාකච්ඡාවක




විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡාවක් පවත්වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. 

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවසන් තීරණය විදුලිබල මණ්ඩලයට ලබාදීමට නියමිත බවයි. 

දිගින් දිගටම විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට කල් ඉල්ලීම හේතුවෙන් මහජනතාවට ලබාදීමට ඇති සහන ද ප්‍රමාද වීම තුළින් ජනතාවට අසාධාරණයක් සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

පසුගිය 08 වනදා ද විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබාදීමට නියමිතව තිබුණ ද විදුලිබල මණ්ඩලය විසින් යළිත් මහජන උපයෝගිතා කොමිසමෙන් සති දෙකක කාලයක් ඉල්ලා සිටියා. 

එම කාලය ද පසුගිය 22 වනදායි අවසන් වූ අතර නැවතත් විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තවත් සංශෝධන කිරීමට ඇති බව පවසමින් මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටියා. 

කෙසේවෙතත් යළි සති දෙකක කාලයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළා. 


කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ විදුලි ගාස්තු අඩු කිරීම දෙසැම්බර් මාසයේ සිදු කිරීමට නොහැකි වන බවට වාර්තා පළ වනවා.