Monday, November 25, 2024

General line - 0115112241

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් වෙළඳසැල් පීරයි




එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් අද සිට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

එම අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ භාණ්ඩ පාරිභෝගිකයන් වෙත අලෙවි  කිරීම වැළැක්වීම සඳහා මෙලෙස වෙළඳසැල් ආශ්‍රිතව විශේෂ වැටලීම් සිදු කරන බවයි.


වෙළඳපොළේදී කිසියම් අසාධාරණයකට ලක්වන පාරිභෝගිකයන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 19 77 කෙටි දුරකතන අංකයට තොරතුරු ලබාදිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.