Friday, October 18, 2024

General line - 0115112241

මන්ත්‍රී ෆවුසිට එරෙහි අල්ලස් නඩුව කල් යයි




විදේශයකින් ලබා දුන් වාහනයක් අවභාවිතා කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්.එම්. ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 06වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් වාහනයක් සිය පුද්ගලික පරිහරණය සදහා යොදා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.