Friday, May 17, 2024

General line - 0115112241

කණ්ඩායම් 4ක් අදත් LPL තරඟ බිමට




ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා.

ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

එක් තරඟයක් පැවැත්වෙනනේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩයම් අතරයි.

එම තරඟය පස්වරු 03ට අරම්භ විමට නියමිතයි.

අනෙක් තරඟය දඹුල්ල ඕරා කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

රාත්‍රී 7යි 30ටයි එම තරඟය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

මේ දක්වා පැවති තරඟවලින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ගාල්ල ටයිටන්ස් කණ්ඩායමයි.

මේවනවිට තරඟ 3කට මුහුණ දි ඇති එම කණ්ඩායම ඉන් තරඟ 2ක් ජයග්‍රහණය කර තිබෙනවා.