එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ 09 ක් හදිසියේ සංශෝධනය කර තිබෙනවා.
ඒ, ඉන්දියාවේ ඉල්ලීම මතයි. සංශෝධනය වූ තරඟ අතරට ශ්‍රී ලංකා පාකිස්තාන තරඟයද ඇතුලත්. මීට අමතරව ලොවක් බලා සිටින ඉන්දු - පාකිස්තාන තරඟයේ දිනයද වෙනස්වී තිබෙනවා.
ආගමික උත්සහ සහ ආරක්ෂක හේතුන් මත ඉන්දු පාකිස්තාන තරඟය වෙනස් කිරීමටයි ඉන්දිය ක්‍රිකට් පාළක මණ්ඩලය පළමුව තීරණය කළේ.
එහෙත් එහි දින වෙනස්වීම මත පාකිස්තානයට සෙසු කණ්ඩායම් සමඟ තරඟ පැවැත්වෙන දින වෙනස්වීම පදනම් කරගනිමින් ඔවුන්ද ඉල්ලා සිටියේ සිය තරඟ වෙනස්කර දෙන ලෙසයි.
ඒ අනුවයි තරඟ 09 ක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවී ඇත්තේ.
නව සංශෝධනයට අනුව මීට පෙර ඔක්තෝම්බර් 15 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු පාකිස්තාන තරඟය දැන් පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 14 වනදායි. ශ්‍රී ලංකා පාකිස්තාන තරඟය ඔක්තෝම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතයි.
මීට පෙර එම තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර් 12 වනදායි.
ඉන්දීය අවශ්‍යතාවය මත මෙලෙස එක්දින ලෝක කුසලානයේ දින වෙනස් වන්නේ ලෝක කුසලානයේ ආරම්භයට මාසයකුත් දින 25 ක් පමණක් ඉතිරිව තිබියදීයි.