Monday, November 25, 2024

General line - 0115112241

බාධක මැද ගිය යොවුන් මළල ක්‍රීඩකයින්ගෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දෙකක්

 කොමන් වෙල්ත් ගේම්ස්




පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිව තිබෙනවා.

ඒ, අයෝමාල් අකලංක සහ නිලුපුල් පැහැසර විසින්. පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් සහ උස පැනීමේ ඉසව්වෙන් එම පදක්කම් දෙක ශ්‍රී ලංකාවට හිමිවුණා.

එහිදී පළමු පදක්කම දිනා දුන් ආයෝමාල් අකංලක පිරිමි මීටර් 400 කඬුලු මතින් දිවීමේ ඉසව්ව නිමකළේ දෙවැන්නා ලෙසයි.

එහිදී ඔහු වාර්තා කළ කාලය තත්ත්පර 51 යි දශම 6 යි 1 ක්. 

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උලෙළේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිව තිබෙනවා.

එය දිනාගත්තේ නිලුපුල් පැහැසර. ඒ, මීටර් 2 ක උසක් වාර්තා කරමින්.

එම ඉසව්වේ සිව්වන ස්ථානයට පත්වූයේද ශ්‍රී ලාංකික ක්‍රීඩක ලෙසඳු අර්ථවිදුයි. 

පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උලෙළ මෙවර පැවැත්වෙන්නේ ටි්‍රනිඩෑඩ් සහ ටොබැකෝහිදීයි.

මෙම පදක්කම් දෙකත් සමඟ ශ්‍රී ලංකාව සමස්ථ පදක්කම් සටහනේ 11 වන ස්ථානයට පත්වුණා.

මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව මෙතෙක් දිනූ පදක්කම් දෙක මෙයයි. 

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූයේ ගැටළු රැසක් මධ්‍යයේයි.

ඔවුන්ට වීසා ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට පවා එක්වීමට නොහැකි වූ බවටයි වාර්තා පළ වන්නේ.