Tuesday, April 30, 2024

General line - 0115112241

රුසියාවට යුක්රේනයෙන් මිසයිල ප්‍රහාර 03 ක්




යුක්රේනය එල්ල කළ මිසයිල ප්‍රහාර 03 ක් සාර්ථකව ව්‍යර්ථ කළ බව රුසියාව පවසනවා.

ක්‍රයිමියාව සහ රුසියාව යා කරන පාලම දෙසට යුක්රේනය එල්ල කළ මිසයිල 03 ක් එලෙස විනාශ කළ බවයි රුසියාව සඳහන් කළේ.

එම පාලම සැලකෙන්නේ රුසියාවේ සිට ක්‍රයිමියාවට යුධ උපකරණ සපයන ප්‍රධාන මාර්ගය ලෙසයි. 

මේ අතර යුක්රේනයේ කාකිව් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් රුසියාව ද අඛණ්ඩව රොකට් ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නගරයෙන් ඉවත් වන ලෙස සිදුකරන අනතුරු ඇගවීමේ නිවේදන අඛණ්ඩව ක්‍රියාත්මන නමුත් තවත් 12,000 ක පමණ පිරිසක් තවදුරටත් නගරය තුළ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර යුක්රේනයට එරෙහි යුද්ධයේදී භාවිත කිරීම සඳහා රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර ලබාදෙන බවට ඉරානයට දිගින් දිගටම චෝදනා එල්ල වනවා.

කෙසේවෙතත් අදාළ ඩ්‍රෝන යානාවලට සමාන ඩ්‍රෝන යානා නිෂ්පාදනය රුසියාව විසින් මේවනවිට ආරම්භ කර ඇති බවයි බි්‍රතාන්‍යයේ පර්යේෂකයින් පිරිසක් අනාවරණ කර ඇත්තේ.