Tuesday, April 30, 2024

General line - 0115112241

චීන රථ පෙළකට පකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි




චීන ඉංජිනේරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ රථ පෙළකට අද පකිස්තානයේදී ප්‍රහාරයක් එල්ල වුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ පකිස්ථානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ ග්වාදාර් වරාය නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවල නිරත චීන ඉංජිනේරුවන් රැගත් රථ පෙළක් එලෙස ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවයි.  

චීන - පකිස්තාන ආර්ථික කොරිඩෝව යටතේ ක්‍රියාත්මක අමෙරිකානු ඩොලර් බිලියන 60 ක ව්‍යාපෘතියට සමගාමීව විශාල චීන ජාතිකයින් පිරිසක් සේවයේ යෙදී සිටිනවා.

මේ සම්බන්ධයෙන් පකිස්තානයේ බලොකිස්තාන ප්‍රාන්තයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් දැඩි විරෝධය පළ කරන අතර ඔවුන් චීන ආයෝජන ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ අතර චීන රථ පෙළක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ද අදාළ සන්නද්ධ කණ්ඩායම් වෙත චෝදනා එල්ල වන අතර ඔවුන් ද එම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ආරක්ෂක අංශ එල්ල ප්‍රතිප්‍රහාර හමුවේ ප්‍රහාරය සඳහා පැමිණි සන්නද්ධ සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. චීන ඉංජිනේරුවන් පිරිසට හානියක් සිදුව නැහැ.