Wednesday, May 1, 2024

General line - 0115112241

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිපදවිම ඉහළ නංවයි




උතුරු කොරියාව සිය අවි ආයුධ නිපදවීම ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පැවසුවේ නායක කිම් ජොන් අන් ගේ උපදෙස් අනුව උතුරු කෙරියාව එලෙස අවි නිපදවිම ඉහළ දමා ඇති බවයි.

කිම් ජොන් අන් ඉකුත් දා උතුරු කොරියාවේ මිසයිල, රොකට් සහ අනෙකුත් න්‍යෂ්ටික අවි මෙන්ම ආයුධ නිපදවන කර්මාන්ත ශාලා නිරීක්ෂණයකටද එක්ව සිටියා. 

උතුරු කොරියාවේ එම කලාපය අනාවරණ වුණේ අමෙරිකාව සහ දකුණු කොරියාව සිය වාර්ෂික යුධ අභ්‍යාසය සඳහා සූදානම් වෙමින් සිටින පසුබිමක් තුළයි.

එම යුධ අභ්‍යාස මාලාව ආක්‍රමණයක පෙර පුහුණුවක් ලෙස උතුරු කොරියාව විසින් හඳුන්වනු ලබනවා.

මේ අතර අමෙරිකාවද උතුරු කොරියාව සම්බන්ධයෙන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ යුක්‍රේන යුද්ධයේදී භාවිත කිරීම සඳහා උතුරු කොරියාවෙන් අවි ලබා ගැනීමට රුසියාව සූදානමින් සිටින බවයි.