Monday, November 25, 2024

General line - 0115112241

LPL තරඟාවලියේ කණ්ඩායම් තුනක් අතර උණුසුම් සටනක්




LPL තරඟාවලියේ අවසන් වටයට පිවිසෙන කණ්ඩායම් අතරට එක්වීම සඳහා කණ්ඩායම් තුනක් අතර උණුසුම් සටනක් නිර්මාණය වී තිබෙනවා.

එහෙත් අවසන් වටයට සුදුසුකම් ලබා ගත හැකි වන්නේ තවත් කණ්ඩායම් දෙකකට පමණයි. ඒ, දඹුල්ල හා නුවර කණ්ඩායම් දැනටමත් අවසන් වටයට සුදුසුකම් ලබා ඇති බැවින්.       

සෑම කණ්ඩායමක්ම තරග 8කට ක්‍රීඩා කල යුතු අතර යාපනය පිල දැනටමත් ඔවුන්ගේ තරග 08 සම්පූර්ණ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් රැස් කරගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6ක්.

ගාල්ල හා කොළඹ කණ්ඩායම් තරඟය හෙට පැවැත්වීමට නියමිතයි. 

ගාල්ල හා කොළඹ කණ්ඩායම් දැනටමත් ප්‍රසාද ලකුණු 6 බැගින් රැස් කරගෙන සිටිනවා.

එබැවින් හෙට තරගය ජයගන්නා කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබනු ඇති.

එහෙත් හෙට පරාජයට පත්වන කණ්ඩායමට අවසන් වටයට යාමට හැකි වන්නේ දැයි තීරණය කෙරෙන්නේ එම කණ්ඩායම රැස්කර ගන්නා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මතයි.