Tuesday, April 30, 2024

General line - 0115112241

පකිස්ථානයේ භාරකාර අගමැති දිවුරුම් දෙයි




පකිස්තානයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වාර්-උල්-හක් කකාර් දිවුරුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉස්මාබාද් නුවර පිහිටි ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයකදී ඔහු සිය ධූරයේ දිවුරුම් දී ඇති බවයි.

ඒ අනුව, පකිස්ථානයේ 08වන අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වාර්-උල්-හක් කකාර් එරට ඉතිහාසයට එක්වනවා. 

දරුණු මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින පකිස්ථානයේ රාජ්‍ය පාලනය පවත්වාගෙන යාමටත් එළඹෙන මහ මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කිරීමටත් ඔහුට වගකීම පැවරෙනු ඇති.

52 හැවිරිදි වියේ පසුවන අන්වාර්-උල්-හක් කකාර් බලෝකිස්ථාන ප්‍රාන්තයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සෙනට් සභිකයෙකු වනවා.

ඔහු බලෝකිස්ථාන අවාමි පක්ෂයේ සාමාජිකයෙක්.

පකිස්ථානයට මෙලෙස භාරකාර අග්‍රාමාත්‍යවරයෙකු තේරී පත් වුණේ හිටපු අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් විසින් ඉකුත් 09වනදා එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුවයි.