Wednesday, May 1, 2024

General line - 0115112241

චීන ඉංජිනේරුවන් 23 දෙනෙකුට එල්ල වූ ප්‍රහාරය පකිස්ථාන චීන තානාපති කාර්යාලය හෙළා දකී




පකිස්ථානයේ බලෝකිස්ථාන ප්‍රාන්තයේදී චීන ඉංජිනේරුවන් 23 දෙනෙකු රැගත් රථ පෙළකට එල්ල වූ ප්‍රහාරය පකිස්ථානයේ පිහිටි චීන තානාපති කාර්යාලය තරයේ හෙළා දැක තිබෙනවා.

එවැනි සිදුවීම් නැවත සිදු නොවීමට පකිස්ථානය වග බලා ගත යුතු බවයි චිනය අනතුරු අඟවා සිටින්නේ.

එමෙන්ම, ප්‍රහාරය සම්බනධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කර අපරාධකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් චිනය පකිස්ථානයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම, සිය ජීවිත හා දේපළවල ආරක්ෂාව සම්බන්දයෙන් විමසිල්ලෙන් සිටින ලෙසයි චින රජය පකිස්ථානයේ වෙසෙන චීන වැසියන්ට දැනුම් දී ඇත්තේ.