LPL ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ අවසන් සහ තීරණාත්මකම තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ, කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතරයි.
මෙම තරඟයේ අවසන් වටයට පිවිසෙන කණ්ඩායම් හතරෙන් දෙකක් මෙම තරඟයේ ප්‍රතිඵලය මත තීරණය වනවා.
මෙතෙක් පැවති තරඟවලට අනුව දඹුල්ල ඕරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම දැනටමත් අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා.
දැනට ප්‍රසාද ලකුණු සටහනේ 3න්වන ස්ථානයේ රැඳී සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු වටයේ තරඟ 08ම ක්‍රීඩා කර ඉන් තරඟ 3ක් ජය ලබා රැස්කරගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 06ක්.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දළ ලකුණු වේගය ඍණ 0යි දශම 1යි 7යි 9ක් වනවා.
අද තරඟයට ක්‍රීඩා කරන ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තරඟ 7 බැඟින් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරඟ 3 බැඟින් ජය ගෙන තිබෙනවා.
ඒ අනුව, ප්‍රසාද ලකුණු 6 බැඟින් එම කණ්ඩායම් දෙකද හිමි කරගෙන ඇති අතර දළ ලකුණු වේගය අනුව ගෝල් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 4වන ස්ථානයේ රැඳී සිටින අතර කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ 5වන ස්ථානයයි.
ඒ අනුව, අද තරඟය ජය ගන්නා කණ්ඩායම නියත වශයෙන්ම මෙවර ඛඡඛ තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබනවා.
අද තරඟයෙන් පරාජයට පත්වන කණ්ඩායම සහ දැනට ප්‍රසාද ලකුණු සටහනේ 3න්වන ස්ථානයේ රැඳී සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරින් එක් කණ්ඩායමකට පමණක් මෙම තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව පවතින අතර එය දළ ලකුණු වේගය අනුව තීරණය වනු ඇති.
කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර මෙම තීරණාත්මක තරඟයඅද රාත්‍රී 7යි 30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.