Tuesday, April 30, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමේ දෙවන සංවත්සරය තලේබාන් සංවිධානය සමරයි




ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජය ඔවුන් එරට අත්පත් කර ගැනීමේ දෙවන සංවත්සරය සමරා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ තලේබාන් සංවිධානය ඊයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ බවයි.

ඒ අනුව ඔවුන්ගේ ධජ වීථි පුරා ප්‍රදර්ශනය කර තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම තලේබාන්වරුන්ගෙන් ඇතැම් පිරිසක් සිය සතුට සමරා තිබුණේ රථවාහනවල නැගී අවි රැගෙන වීථි පුරා සංචාරය කරමින්. කාබුල් අගනුවර පුරා ආරක්ෂක මුරපොලවල් ස්ථාපිත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.


මේ අතර තලෙයිබාන් සංවිධානය පවසන්නේ කාබුල් ජයග්‍රහණයෙන් යළිත් වරක් ඔප්පු වූයේ අභිමානවත් ඇෆ්ගනිස්තානය කිසිවකුට පාලනය කළ නොහැකි බවයි. කිසිදු ආක්‍රමණිකයෙකුට රටේ නිදහසට තර්ජනයක් එල්ල කිරීමට ඉඩ නොතබන බව ද ඔවුන් පවසා තිබෙනවා.

අමෙරිකාවේ සහය ලබමින් තිබූ ඇෆ්ගනිස්තානයේ හිටපු රාජ්‍ය පාලනය බිඳ දමා තලේබාන් සංවිධානය එරට පාලන බලය අත්පත් කර ගත්තේ 2021 වසරේ අගෝස්තු මස 15 වනදායි.