Tuesday, April 30, 2024

General line - 0115112241

සිය රටට පළා ආ අමෙරිකානු සෙබළා ගැන උතුරු කොරියාවෙන් අනාවරණයක්




දේශසීමාව උල්ලංඝනය කරමින් දකුණු කොරියාවේ සිට පලා ආ අමෙරිකානු සෙබළා සම්බන්ධයෙන් උතුරු කොරියාව පළමුවරට අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව උතුරු කොරියාව පවසන්නේ එම සෙබළා රැකවරණය පතා සිය රටට පළාවිත් ඇති බවයි. අදාළ හමුදා සෙබළා එලෙස දේශසීමාව උල්ලංඝනය කර ඇත්තේ ඔහු අමෙරිකාවේ අමානුෂික හිංසනයෙන් සහ වාර්ගික වෙනස්කම් කිරීම්වලින් මිදී රැකවරණය ලබාගැනීම සඳහා බව ද උතුරු කොරියාව පවසනවා.


කෙසේවෙතත් උතුරු කොරියාවේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව සඳහන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අදාළ හමුදා සෙබළා මේ වනවිට උතුරු කොරියානු හමුදාව භාරයේ පසුවනවා. ට්‍රැවිස් කින්ග් නමැති අදාළ අමෙරිකානු හමුදා සෙබළා දකුණු කොරියාවේ සිට දේශසීමාව උල්ලංඝනය කරමින් උතුරු කොරියාවට පැමිණ තිබුණේ ඉකුත් ජූලි 18 වනදායි. ඉන් අනතුරුව උතුරු කොරියාව ඔහු සම්බන්ධයෙන් සිදු කළ පළමු අනාවරණය  ද මෙය වනවා.