Wednesday, May 1, 2024

General line - 0115112241

ලෝකයේ හතරෙන් එකක් ජලය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක




ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ජලය සම්බන්ධයෙන් දැඩි අර්බුධයකට පත්වෙමින් ඇතැයි නවතම අධ්‍යයනයක් අනාවරණය කර තිබෙනවා.

ගෝලීය සම්පත් පිළිබඳ පර්යේෂණ ආයතනය සිදුකළ අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ ලොව රටවල් 25 ක් ජලය සම්බන්ධයෙන් දැඩි පීඩනයක පසුවන බවයි.

සෞදි අරාබිය, චිලී, බෙල්ජියම සහ ග්‍රීසිය ද එම රටවලට අයත්. ඉහළම පීඩනයකට පත්ව සිටින රටවල් වන්නේ බහරේනය, සයිප්‍රස්, කුවේට්, ලෙබනනය සහ ඕමානයයි. 

ජලය සම්බන්ධයෙන් ඇති ඉල්ලුම 2050 වන විට පවතින තත්ත්වයට වඩා තවත් සියයට 25 කින් වැඩිවනු ඇති බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එම කාලය වන විට ලෝක ජනගහනයෙන් සියයට 60 ක් ජලය සම්බන්ධයෙන් දැඩි පීඩනයකට පත්වනු ඇති බවට අදාළ වාර්තා මඟින් අනාවැකි පළ කර තිබෙනවා.

1960 වසරට සාපේක්ෂව ගත්කල මේ වන විට ගෝලීය ජල ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

යුරෝපයේ සහ එක්සත් ජනපදයේද ජල ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ. 

පවතින තත්ත්වය ගෝලීය ආහාර නිෂ්පාදනයට ද එල්ලකරනු ඇත්තේ දැඩි බලපෑමක්. කෘෂිකර්මාන්තයෙන් සියයට 60 කට මෙමඟින් දැඩි පීඩනයක් එල්ලවනු ඇති.

උක්, තිරිඟු, සහල් සහ බඩඉරිඟු නිෂ්පාදනය දැඩි අර්බුදයකට පත්වනු ඇති බවටයි එම පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් විශ්වාසය පළ කර ඇත්තේ.