LPL ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක අවසන් වටය අද ආරම්භ වනවා.
පළමු තරඟය පැවැත්වෙන්නේ තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ අතරින් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින කණ්ඩායම් දෙක අතරයි.
ඒ අනුව දඹුල්ල අවුරා සහ ගෝල් ටයිටන්ස් යන කණ්ඩායම් අද තරඟ බිමට පිවිසෙනවා.
මෙම තරඟයෙන් ජයගන්නා කණ්ඩායම සෘජුවම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගන්නවා.
ප්ලේ ඕෆ් ආකෘතිය යටතේ අවසන් වටය ක්‍රියාත්මක වන බැවින් මෙම තරඟයෙන් පරාජයට පත්වන කණ්ඩායමට අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීම සඳහා තවත් අවස්ථාවක් හිමිවනවා.
ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙන බී-ලව් කැන්ඩි සහ ජැෆ්නා කින්ග්ස් යන කණ්ඩාම් අතර තරඟයෙන් ජයගන්නා කණ්ඩායම සමඟ පළමු තරඟයෙන් පරාජය වන කණ්ඩායම යළි තරඟ වැදීමට නියමිතයි.
අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන දෙවන කණ්ඩායම තීරණය වන්නේ එම තරඟයේ ප්‍රතිඵලය මතයි.