Monday, November 25, 2024

General line - 0115112241

පළමු වරට දඹුල්ල අවුරා LPL අවසන් මහා තරගයට




දඹුල්ල අවුරා කණ්ඩායම LPL ක්‍රිකට් ඉතිහාසයේ පළමු වර අවසන් පූර්ව වටයකට සුදුසකම් ලබාගැනීමට අද සමත් වුණා. 

ඒ අද පැවති අවසන් වටයේ තීරණාත්මක පළමු තරගයෙන් ගොල්ල ටයිටන්ස් කණ්ඩායම කඩුලු 06 කින පරාජය කරමින්. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම නියමති පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 146 ක් පමණයි. 

ලසිත් කෘස්පුල්ලේ පන්දු 61 කදී ලකුණු 80 ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් රැස් කලා.

දක්ෂ පිතිහරඹයක නිරතවූ කුසල් ජනිත් පෙරේරා පන්දු 39කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 53 ක් රැස් කළා.

මෙම කණ්ඩායම් දෙක මෙවර තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින බැවින් මෙම තරගයෙන් පරාජයට පත්වූ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට තවත් අවස්තාවක් හිමිවනවා. 

ඒ අනුව මීළගට පැවැත්වෙන බී-ලව් කැන්ඩි සහ ජැප්නා කින්ග්ස් තරගයෙන් ජයගන්නා කන්ඩායම සමග ගෝල් ටයිටන්ස් යළි තරගවදිනු ඇති.