LPL ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරගය අද පැවැත්වෙනවා. ඒල ගෝල් ටයිට්න්ස් සහ බී ලව් කැන්ඩි කණ්ඩායම් අතරයි.
ඒ අනුව, මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට හෙට පැවැත්වෙන LPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වනවා.
මෙම කණ්ඩායම් දෙක මූලික වටයේදී මීට පෙර අවස්ථා 2කදී එකිනෙකා මුණ ගැසී තිබෙනවා. ඉන් එක් අවස්ථාවකදී බී ලව් කැන්ඩි කණ්ඩායම ලකුණු 89කින් තරගය ජය ගත් අතර අනෙක් තරගයෙන් ගෝල් ටයිට්න්ස් කණ්ඩායම ලකුණු 83කින් ජය ගත්තා.
මෙවර තරගාවලියේ පැවති විශිෂ්ඨතම තරග දෙකක් ලෙසටයි මෙම තරග දෙක සැලකුණේ. ඒ අනුව, අද තරගය අතිශය උණුසුම් තරගයක් වනු ඇති බව විචාරක අදහසයි.
දෙරට අතර මෙම තීරණාත්මක තරගය අද රාත්‍රී 7යි 30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවත්වෙනවා.
LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට දඹුල් අවුරා කණ්ඩායම දැනටමත් සුදුසුකම් ලබා අවසන්.