එල් පී එල් අවසන් තරගය පැවැත්වෙන අද ශ්‍රී ලංකා ක්‍රීකට් ප්‍රේක්ෂකයන්ට තවත් සුවිශේෂී පුවතක් වාර්තා වූණා.
ඒ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යලි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වීමයි.
2024 වසරේ පැවැත්වෙන IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස තෝරාගෙන ඇත්තේ ලසිත් මාලිංගයි.
ඒ, තරගාවලි 9කදී මුම්බායි පිලේ වේග පන්දු පුහුණුකරු වූ ශේන් බොන්ඩ් ඉවත් කරමින්.
2021 වසර දක්වා අඛණ්ඩව මුම්බායි පිලේ පන්දු යවන්නෙකු ලෙස සිටි මාලිංග, එම වසරේ IPL පිටියෙන් සමුගැනීමත් සමග කුමාර් සංගක්කාර අධ්යක්ෂවරයා වන රාජස්ථාන් රෝයල්ස් පිල හා එක් වුණා.
ඒ, වේග පන්දු පුහුණුකරු ලෙසයි. මුම්බායි පිල සමඟ දිගු ඉතිහාසයක් ඇති මාලිංග IPL ශූරතා 4ක් හා 2011 පැවති T 20 වැම්පියන් ලීග් ශූරතාව මුම්බායි පිලට දිනා දීමට විශිෂ්ට දායකත්වයක් දැක්වු ක්‍රිඩකයෙක්.
මුම්බායි පිල වෙනුවෙන් ලසිත් මාලිංග T 20 පිටියේදී බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 195ක්. IPL ඉතිහාසය ගත් කල වැඩිම කඩුලු ලාභීන් අතර 06 වන ස්ථානයේ පසුවන්නේද ලසිත් මාලිංගයි.