Monday, November 25, 2024

General line - 0115112241

කාසියේ වාසිය දඹුල්ල ඕරා කණ්ඩායමට.




ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය මේවනවිට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා.

 ඒ බී ලව් කැන්ඩි සහ දඹුල්ල ඕරා කණ්ඩායම අතරයි. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ඕරා කණ්ඩායම  පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. 

ඒ අනුව දඹුල්ල ඕරා කණ්ඩායම  මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 10ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 68 ක් ලබාගෙන සිටියා.

තරගය නැරඹීම ස‍දහා මේවනවිටත් ප්‍රේක්ෂකයින් රැසක් ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනය වෙත පැමි‍ණෙමින් සිටින බවයි එහි රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

බී ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර අද පැවැත්වෙන අවසන් මහා තරගය තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් මත පළ කරන්නේ. 

මෙම කණ්ඩායම් දෙක LPL අවසන් මහා තරගයක මුණගැසෙන පළමු අවස්ථාව  ද මෙය වනවා. 

තරඟාවලියේ මුල සිටම දක්ෂතා දැක්වූ දඹුල්ල අවුරා කණ්ඩායම මූලික වටය නිමාකලේ ප්‍රසාද ලකුණු සටහනේ අංක එකේ ස්ථානයේ රැදී සිටිමින්.