පාකිස්තානය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.
දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන එම තරඟය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 03 ටයි.
දෙරට අතර ඊයේ පැවති පළමු එක්දින තරඟය ලකුණු 142 කින් ජයගනු ලැබුවේ පාකිස්තාන කණ්ඩායමයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 47 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 201 ක්. එහිදී ඉම්රාන් උල්හක් ලකුණු 61 ක් රැස් කළා.
ෂබාබ් ඛාන් ලකුණු 39 යි.
ජයග්‍රාහී ලකුණු 202 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 59 ක් පමණයි.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 19 යේ සීමාව පසුකර යාමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී හැරිස් රාවුෆ් ලකුණු 18 කට කඬුලු 5 ක් බිඳහෙලුවා.