ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ එක්දින ක්‍රිකට් පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම්වල පාකිස්තාන ක්‍රීඩකයින් ඉදිරියට පැමිණ තිබෙනවා.
එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ අංක 01 ස්ථානයේ රැඳී සිටින්නේ බාබර් ආසාම්.
ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
කෙසේවෙතත් නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 26 තුළට කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු ඇතුලත්ව නැහැ.
27 වන ස්ථානයේ පසුවන්නේ පැතුම් නිස්සංකයි.
එක්දින ක්‍රිකට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ද පළමු ස්ථාන 19 තුළට කිසිදු ශ්‍රී ලාංකික පන්දුයවන්නෙකු ඇතුලත්ව නැහැ.
20 වන ස්ථානයේ පසුවන්නේ මහීෂ් තීක්ෂණයි. ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ තවදුරටත් පසුවන්නේ ඔස්ටේ්රලියාවේ ජොස් හේසල්වුඩ්.