Saturday, July 27, 2024

General line - 0115112241

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පුහුණු තරඟ කාලසටහන ප්‍රකාශයට




එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පුහුණු තරඟ කාලසටහන නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

පුහුණු තරඟ ආරම්භ වන්නේ සැප්තැම්බර් 29 වනදායි. පළමු තරඟය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙනවා. 

පුහුණු තරඟ වටයේදී ශ්‍රී ලංකාවට ලබාදී ඇති තරඟ සංඛ්‍යාව 2 ක්. 

ශ්‍රී ලංකාව සිය දෙවන තරඟයේදී ඇෆ්ගනිස්තානය මුණගැසෙන්නේ ඔක්තෝම්බර් මස 03 වනදායි. 

පුහුණු තරඟ වටයේදී දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය හා නවසීලන්තය සමඟ තරඟවදිනවා. 

පුහුණු තරඟ වටයේ නවසීලන්තයේ අනෙත් ප්‍රතිවාදියා වන්නේ පාකිස්තානයයි. පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සමඟ තරඟ වැදීමට නියමිතයි. 

ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරඟයක්ද පැවැත්වෙනවා. 

සත්කාරක ඉන්දියාවට පුහුණු තරඟ වටයේදී මුණගැසෙන්නේ නෙදර්ලන්තය සහ එංගලන්තයයි. 

එංගලන්තය හා බංග්ලාදේශය අතර පුහුණු තරඟයක්ද පැවැත්වෙනවා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඔක්තෝම්බර් 5 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.