Sunday, May 5, 2024

General line - 0115112241

වැග්නර් නායකයා වැරදි කළා - රුසියානු ජනපති පුටින් පළමු වරට කතා කරයි.




ලෝකයේම දැඩි කතාබහක් මතු කරමින් ඊයේ වාර්තාවූ වැග්නර් කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ට සහ වැග්නර් බලඇණියේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසකට මරු කැඳවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පළමු වරට අදහස් දක්වා තිබෙනවා. 

එහිදී ඔහු පවසා ඇත්තේ වැග්නර් නායකයා දක්ෂ පුද්ගලයෙකු වුවත් ඔහුගේ ජීවිතයේදී බරපතල වැරදි සිදුකළ අයෙකු බවයි. ඔහු මෙම අදහස් පළ කළේ වැග්නර් නායකයා ඇතුලු පිරිස ගමන් ගත් පුද්ගලික ගුවන් යානය අනතුරට ලක්වී පැය 24 කට පසුවයි. 

එරට රූපවාහිනය ඔස්සේ අදහස් දක්වමින්, යෙව්ගෙනි ප්‍රිගොෂින් සහ සෙසු වැග්නර් සාමාජිකයන්ගේ මියයෑම සම්බන්ධයෙන් කණගාටු වන බවත්, මියගිය සියලු දෙනාගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පළ කරන බවත් ජනාධිපති පුටින් එහිදී ප්‍රකාශ කළා.


යෙව්ගෙනි ප්‍රිගොෂින් යනු දීර්ඝ කාලයක් රුසියානු ජනපති පුටින්ගේ සමීපතමයෙකු වූ නමුත් මීට මාස කීපයකට පෙර ඔහු පුටින්ට හා රුසියාවට අභියෝගයක් එල්ලකරමින් රුසියාවේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළා. ගුවන් අනතුරෙන් ඔහු මියගියේද නැද්ද යන්න සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවෙමින් තිබුණද අමෙරිකාව පවා දැන් ප්‍රකාශ කර ඇත්තේ වැ්නර් නායකයා මියගිය බවට තමන්ද විශ්වාස කරන බවයි.