Sunday, May 5, 2024

General line - 0115112241

චීනයේදී කට පරිස්සමෙන් - ජපානය සිය වැසියන්ට කියයි




ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමේදී වඩාත් කල්පනාකාරී වන්නැයි ජපානය චීනයේ සිටින සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. 

ඒ දෙරට අතර පවතින මතභේදාත්මක තත්ත්වය ඉකුත් 24 වනදා සිට යළි වර්ධනය වීමත් සමගයි. 

ඊට හේතුව වූයේ ජපානය සිය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ගබඩා කර තිබූ ජලය පැසිෆික් සාගරයට මුදා හැරීමයි. 

එම ජලය සාගරයට මුදා හැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන චීනය ජපානයෙන් මත්ස්‍ය ආනයනය ද තහනම් කළා. 

එය මේවනවිට රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් දක්වා වර්ධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව සිය වාසස්ථානවලින් පිටතට යන විට, අනවශ්‍ය ලෙස ජපන් භාෂාව කතා නොකිරීම වැනි ප්‍රවේශම් සහගත ක්‍රමවේද අනුගමනය කරන ලෙස චීනයේ ජපාන තානාපති කාර්යාලය චීනයේ සිටින ජපාන වැසියන්ට දැනුම් දී තිබෙනවා. එමෙන්ම චීනයේ සංචාරය කරන්නේ නම් තානාපති කාර්යාලය අවට තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින ලෙස ද ජපානය සිය වැසියන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.