Monday, November 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිල දැඩි අර්බුදයක




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිල අර්බුදයකට මුහුණ දී සිටිනවා. 

ඒ, ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පන්දු යවන්නන් ආබාධයකට ලක්වීම හේතුවෙන්. 

දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ආබාධයකට ලක්වීම හේතුවෙන් තරඟාවලියට එක් නොවන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්. 

දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වූයේ ඛඡඛ තරඟාවලිය අතරතුරයි. ඒ අනුව ඔහුටද තරගාවලිය අහිමි වී තිබෙනවා. 

ආබාධයකට ලක්වූ ලහිරු කුමාරගේ සහභාගීත්වය ද තවමත් ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකයි.

 එවන් පසුබිමක් තුළ වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක ද ආබාධයකට ලක්ව ඇතැයි මේ වන විට වාර්තා වනවා. 
 

එමෙන්ම කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද මෙතෙක් නිල වාර්තාවක් පලවී නැහැ. 

ඒ අනුව බොහෝ දුරට කසුන් රාජිත, මතීෂ පතිරණ, ප්‍රමෝද මදුෂාන් හා බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට බොහෝ දුරට එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ.
 

ආසියානු කුසලාන තරඟාවලිය හෙට ආරම්භ වුවද ඒ සඳහා සහභාගි වන     ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. තරඟාවලියට එක්වන රටවල් අතරින් සිය සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත්තේ ශ්‍රී ලංකාව පමණයි.