Monday, November 25, 2024

General line - 0115112241

පාකිස්තානය දැවැන්ත ජයකින් ආසියානු කුසලානය අරඹයි




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අරඹමින් සත්කාරක පාකිස්තානය ඊයේ රාත්‍රියේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළා. 

ඒ, නේපාලයට එරෙහිවයි. 

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය කඬුලු 06 කට ලකුණු 342 ක් රැස් කළා. 

එහිදී නායක බාබර් අසාම් පන්දු 131 කදී හයේ පහර 4 ක් සමඟ ලකුණු 151 ක් රැස් කළා. ඔහුට අනගි සහයක් ලබාදුන් ඉෆ්තිකාර් අහමඩ් පන්දු 71 කදී නොදැවී ලකුණු 109 ක් රැස් කළේ හයේ පහර 4 ක්ද සමඟයි. 

ඔහු සිය ශතකය රැස් කළේ පන්දු 67 කින්. එය සැලකුණේ ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම සිව්වන ශතකය ලෙසයි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළේ නේපාලයට පන්දුවාර 23 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 104 ක් පමණයි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශඩාබ් ඛාන් ලකුණු 27 කට කඬුලු 4 ක් බිඳ හෙලුවා. 
 

මේ අතර ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරඟ අද ආරම්භ වනවා. පළමු තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. සවස 3 ට මෙම තරඟය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.