සුපිරි ජයග්‍රහණයක් සමඟ සිය ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලි ගමන ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් කඬුලු 5 ක ජයක් හිමිකර ගනිමින්.
ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟය පැවැත්වුණේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි. තරඟයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. බංග්ලාදේශ ඉනිම පන්දුවාර 42 යි පන්දු 4 කදී අවසන් වුණේ ලකුණු 164 කටයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දු වාර 39 ක් අවසානයේ කඬුලු 5 ක් දැවී ලකුණු 165 ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කළා. එහිදී චරිත් අසලංක නොදැවී ලකුණු 62 ක් රැස් කළ අතර සධීර සමරවික්‍රම ලකුණු 54 ක් රැස්කිරීමට සමත් වුණා.
ලකුණු 43 කට කඬුලු 3 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ සිව්වන කඬුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ඔවුන් දෙදෙනා පන්දුවාර 20 ක් ක්‍රීඩා කරමින් ලකුණු 78 ක සබඳතාවක් ගොඩනැගුවා. පන්දු යැවීමේදී ශකීබ් අල්හසන් ලකුණු 29 කට කඬුලු දෙකයි.
පන්දු වාර 7 යි පන්දු 4 කදී ලකුණු 32 කට කඬුලු 4 ක් බිඳ හෙලමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ මතීෂ පතිරණ තරඟයේ වීරයා ලෙස නම් කෙරුණා.
ලොවක් බලා සිටින ආසියානු කුසලානයේ ඉන්දු - පාකිස්තාන තරඟය හෙට පැවැත්වෙනවා.