Monday, November 25, 2024

General line - 0115112241

ආසියානු කුසලානයේ ඉන්දියාව් තීරණාත්මක තරඟය අද




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා.

පස්වරු 3ට තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේදීයි. 

මෙම තරඟය ඉන්දියාවට මෙන්ම නේපාලනයටද අතිශය තීරණාත්මකයි. 

ඒ අනුව, අද තරඟයෙන් පරාජයට  පත්වන කන්ඩායමට ආසියානු කුසලානයෙන් ඉවත් වීමට සිදු වනවා. 

යම් හෙයකින් වර්ෂාව හේතුවෙන් තරඟය අතහැර දැමුණහොත් ඉන්දියාවට සුපර් ෆෝ වටයට සුදුසුකම් ලැබීමට හැකි වනවා. 

ආසියානු කුසලානයේ නේපාලය සහභාගී වූ පළමු තරඟයෙන් පකිස්ථානය හමුවේ පරාජයට පත් වුණා. ඉන්දියාව සහභාගී වූ පළමු තරඟය පකිස්ථානය සමඟ පැවති අතර වර්ෂාව හේතුවෙන් තරඟය අත්හැර දැමීමටයි සිදු වුණේ. 

ඒ අනුව, පකිස්ථානය දැනටමත් සුපර් ෆෝ වටයට සුදුසුකම් ලබා අවසන්. එම කාණ්ඩයෙන් සුපර් ෆෝ වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම අද තරඟයේ ප්‍රතිඵලය මත තීරණය වනු ඇති. 
 

මේ අතර, ඇෆ්ගනිස්ථානය සමඟ ඊයේ පැවති තරඟයෙන් ජය ලැබූ බංග්ලාදේශයට සුපර් ෆෝ වටයට පිවිසීම පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට හැකි වී තිබෙනවා. 

ඒ අනුව, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර හෙට පැවැත්වෙන තරඟයේ ප්‍රතිඵලය මත එම කාණ්ඩයෙන් සුපර් ෆෝ වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක තීරණය වනු ඇති.