ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර පැවැති තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 10කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ දී සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නේපාල කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 230ක් පමණයි.
නේපාලය කණ්ඩායම වෙනුවෙන් අසීෆ් ෂෙයික් ලකුණු 58ක් රැස් කළ අතර සොම්පල් කැමි ලකුණු 48ක් රැස් කළා.
ඒ අනුව, ලකුණු 231ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භ පිතිකරුවන් යුගළය පන්දුවාර 2යි එක් පන්දුවක් ක්‍රීඩා කරමින් සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ වන විට ඉන්දිය කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 17ක්.
යළි තරගය ආරම්භ කරන විට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 23කදි ලකුණු 145ක ඉලක්කයක් හිමි වුණා.
එම ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20යි එක් පන්දු අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 147ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළා.
ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා නොදැවී ලකුණු 74ක් සහ ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 67ක් රැස් කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමඟ ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය පකිස්ථානයේ ලාහෝර්හිදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.