Tuesday, April 30, 2024

General line - 0115112241

සන්ධානගත වෙනවාද - අනුර යාපා කතා කරයි




ආණ්ඩුව හෝ විපක්ෂය ගොඩනගන සන්ධානයකට එක්වන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. 

බලය වෙනුවෙන් පමණක් කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත නොවන බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 225 ඉලක්ක කර ගනිමින් ජනතාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මෙහිදී අදහස් පළ කළා. 

 

මේ අතර අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 7 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.