Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ආසියානු රන් පදක්කම ගිලිහෙයි




ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අද ගිලිහී ගියා.

ඒ, එම ඉසව්වේ අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු  19 ක පරාජයක් ලැබීම හේතුවෙන්.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දීය ක්‍රිඩිකාවන් කඩුළු 07 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 116 ක්.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ස්මි්‍රති මන්ධනා ලකුණු 46 ක් රැස් කළ අතර ජෙමීමා රොද්‍රීගස් ලකුණු 42 ක් රැස් කළා.

පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී ලකුණු 16 කට කඩුළු 02 ක් සහ ඉනෝකා රණවීර ලකුණු 21 කට කඩුළු 02 ක් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 97 ක් පමණයි.

හසිනි පෙරේරා ලකුණු 25 ක් රැස්කළ අතර නිලක්ෂි ද සිල්වා ලකුණු 23 ක් රැස් කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී ටිටාස් සදූ ලකුණු 06 කට කඩුළු 03 යි.

මෙම තරගය ජය ගත් ඉන්දීය කණ්ඩායමට 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් අංශයේ රන් පදක්කම හිමිවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉසව්වේ රිදී පදක්කම හිමිවුණා.