Friday, August 23, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි




බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් කේ සී එන් පෙරේරා පවසනවා.

පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව මෙම පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන 27 වනදා සිට ඔක්තෝම්බර් 02 වන දින දක්වා බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

හෙට දිනයේ සිට කල්ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝම්බර් මස 10 වන දින දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමේ හැකියාවක් පවතින බවයි ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.