Friday, September 13, 2024

General line - 0115112241

කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් කොමිසමෙන් යළි නඩු

උදය කුමාර




2012 වසරේ දැඩි ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබූ ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1යි දශම 8කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු පවරා තිබෙනවා.

මෙම නඩුව මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

එහෙත් එම නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතුකරනු ලැබුවා.

එම මූලික විරෝධතා පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා  විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් නිදහස් කිරීමට ද තීන්දු කළා.

එසේ නිදහස් කරන ලද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව  යළි ගොණුකර තිබෙනවා.