ඊශ්‍රායල හමුදාව විසින් සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ සිරියාවේ ඩැමස්කස් සහ ඇලෙප්පෝ යන ප්‍රධාන ගුවන් තොටුපළ ඉලක්ක කර ඊශ්‍රායලය එම ප්‍රහාර එල්ල කර ඇති බවයි.
ප්‍රහාර හමුවේ අදාළ ගුවන් තොටුපලවල ගුවන් පථ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි පැවසෙන්නේ.
එම ගුවන් තොටුපළ ද්විත්ව ආශ්‍රිත ප්‍රදේශය පවතින්නේ සිරියානු රජයේ පාලනය යටතේ නොවන කැරළිකරුවන් භාරයේ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉරානයේ සිට අවි රැගෙන එන ගුවන් යානා කිහිපයක් අදාළ ගුවන් තොටුපළ වෙත ගොඩබෑමට නියමිතව සැලසුමක් තිබූ බවටයි පැවසෙන්නේ.
එබැවින් එම ගුවන් යානා ගොඩබෑම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය එම ප්‍රහාරය එල්ල කර ඇති බව ද පැවසෙනවා.
ඉරානය විසින් සිරියාවට ලබාදෙන එම ආයුධ සිරියාවේ, ලෙබනනයේ සහ පලස්තීනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය වෙත හුවමාරු වෙන බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඊශ්‍රායලයේ එම මිසයිල ප්‍රහාර හමුවේ සිරියාවේ සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.