Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක දේශපාලනය උණුසුම් කරමින් චීන - අමෙරිකා ජනපතිවරු වසරකට පසු මුණ ගැසේ.




ඊශ්‍රායල් - හමාස් අර්බුදයෙන් ලෝක දේශපාලනය උණුසුම්වී ඇති පසුබිමක අමෙරිකානු සහ චීන ජනාධිපතිවරු අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා. දෙරටේ නායකයින් මුහුණට මුහුණ සාකච්ඡාවකට මෙලෙස එක්වන්නේ වසරකට පසු පළමු වරටයි. ඔත්තු බලන චීන බැලුනයක් සම්බන්ධයෙන් ඉකුත් සමයේ අමෙරිකාව සමඟ ඇතිවූ මතභේද සමඟ චීන - අමෙරිකානු හොඳ හිත පළුදුවී තිබුණා. 


කෙසේවෙතත් මෙම ඓතිහාසික හමුවේදී ගාසා තීරයේ අර්බුදය, දෙරට අතර හමුදා සබඳතා සහ මත්ද්‍රව්‍ය පාලනයට ගන්නා පියවර පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම මෙහිදී වැඩිම අවධානයක් යොමුව ඇත්තේ තායිවාන ගැටළුව සම්බන්ධවයි. සාකච්ඡාවෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙරට අතර පැවති සාකච්ඡා සාර්ථක බවයි.