Saturday, July 27, 2024

General line - 0115112241

ගාසා ගැටුම්වලින් මිය ගිය ගණන 13,000 ඉක්මවයි




  ඊශ්‍රායල හමුදාව සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින ගැටම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 13,000 ඉක්මවා තිබෙනවා.

ගාසාහි හමාස් රජය පැවසුවේ ඔක්තොම්බර් 07වනදා සිට ක්‍රියාත්මක ගැටුම් හේතුවෙන් මේවනවිට පුද්ගලයින් 13,300 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මිය ගිය පිරිසෙන් 5,600ක්ම දරුවන් වන බවයි වාර්තා වන්නේ.

ගැටුම් හේතුවෙන් මිය ගිය පිරිස අතර කාන්තාවන් 3,550 දෙනෙකුද වනවා. තුවාල ලබා ඇති පිරිස 31,000කට අධිකයි.