එළඹෙන උත්සව සමය වෙනුවෙන් සහල් මෙටි්රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව වෙළඳ , වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ හැකි ඉක්මනින් මෙරටට සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවත් කීරි සම්බා සහ සම්බා සහල් ද එලෙස ආනයනය කරන බවත් ඔහු ප්‍රකාශ කළා.
මෙරට ප්‍රදාන පෙළේ වී මෝල් හිමියන් තිදෙනෙකු විසින් කීරි සම්බා සහල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් සිදු කරන පරීක්ෂණයේ ප්‍රතිඵල ලබන සතියේ අදාළ වී මෝල් හිමියන්ට දැනම් දෙන බවද වෙළඳ , වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවා.