Saturday, July 27, 2024

General line - 0115112241

දින 17ක් උමගක සිර වි සිටින ඉන්දිය කම්කරුවන් මුදා ගැනීම අවසන් අදියරේ




ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ උමගක් තුළ දින 17ක් පුරා සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමේ කටයුතු මේවනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ සහන සේවකයින් මේවනවිටත් කම්කරුවන් පිරිස රැඳී සිටින ස්ථානයට ළඟා වී ඇති බවයි.

ඒ අනුව, ඉදිරි පැය කිහිපය තුළ එම කම්කරුවන් පිරිස මුදා ගනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

ඔවුන් මුදා ගත හොත් ඉක්මනින් රෝහල් ගත කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දිම සඳහා ගිලන් රථ 41ක්ද උමගෙහි පිවිසුම ආසන්නයේ රඳවා තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කඩා වැටුණු උමගේ සුන්බුන් හරහා ඇතුලු කෙරුණු සෙන්ටි මීටර් 90ක විශ්කම්භයකින් යුත් නළයක් මඟින් කම්කරුවන් පිරිස මුදා ගැනීම සහන සේවකයින්ගේ සැලසුමයි.

සිය ඥාතින් උමඟින් පිටතට පැමිණෙන තුරු අදාළ කම්කරුවන්ගේ පවුල්වල සාමාජිකයින් උමං මාර්ගයේ පිවිසුම ආසන්නයේ රැඳී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නාය යාමක් හේතුවෙන් අදාළ කම්කරුවන් පිරිස එම උමං මාර්ගය තුළ සිර වූයේ ඉකුත් 12වනදායි.