Wednesday, May 8, 2024

General line - 0115112241

මුම්බායි ප්‍රහාරයට වසර 15 යි




ඉන්දියාවට මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඉකුත් 26 වනදාට වසර 15 ක් ගතව ගියා.

ඒ බිහිසුනු ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් සිහිපත් කරමින් ඉන්දියාවේ විශේෂ අනුස්මරණ සැමරුම් පැවැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහිපත් කිරීමට එක්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවට මෙම දිනය කිසිදා අමතක කළ නොහැකි බවයි.

ත්‍රස්තවාදීන් මුම්බායි නගරයම වෙව්ලා යන ලෙස කටයුතු කල බව ඔහු ප්‍රකාශ කළා.

නමුත් ඉන්දියාවේ ධෛර්යය නිසා එම දුෂ්කරතා ජය ගැනීමට හැකි වූ බවත් මේවනවිට ඉන්දියාව ත්‍රස්තවාදය මැඩපවත්වමින් සිටින බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබෙනවා.