Wednesday, April 24, 2024

General line - 0115112241

ගල් ගසන්නන්ට වෙඩි තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අලුත් අවි




ධාවනය වන දුම්රියවලට ගල් ගසන පුද්ගලයන්ට වෙඩි තැබීම සඳහා ගිනි අවි තොගයක් දුම්රිය දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබෙනවා. මෙම ගිනිඅවිවලින් මීටර් 15 ක පමණ දුරකට වෙඩි තැබීමේ හැකියාව තිබෙන බවයි දුම්රිය ආරක්‍ෂක හමුදාවේ දුම්රිය අධිකාරී අනුර පේ‍්‍රමරත්න සඳහන් කළේ.

මෙලෙස පැති ගිනි අවි 25 ක් දුම්රිය දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇති අතර ඒ, වැලිසර නාවික හමුදා කඳවුරෙන්.

දැනට දුම්රිය ආරක්‍ෂක හමුදා නිලධාරීන් භාවිත කරන්නේ බහුආර තනි කානුවේ ගිනි අවි වන අතර දෙපාර්තමේන්තුව සතුව එවැනි ගිනි අවි 192 ක් පවතිනවා. අලුතින් ලබාගත් පැති ගිනිඅවි දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඒවා භාවිතය පිළිබඳ නිලධාරීන් පුහුණු කරනු ඇති.

ඉන් අනතුරුව අදාළ නිලධාරීන් දුම්රියන්ට අනියුක්ත කරන බවයි අනුර පේ‍්‍රමරත්න කියාසිටියේ. හඳුනාගත් දුම්රියන් සඳහා එක් දුම්රියකට අවි සහිත නිලධාරීන් දෙදෙනෙකු බැගින් දැනටමත් අනියුක්ත කර තිබෙනවා. දුම්රියන්ට ගල් ගැසීමේ සිද්ධීන් 12 ක් ඉකුත් සමයේ වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.