Friday, May 10, 2024

General line - 0115112241

ඉන්දියාවේ දියමන්තිය එමීරයට




ලෝක දේශගුණික ක්‍රියාකාරී සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එහිදී ඉහළ පිලිගැනීමක් හිමිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එරට සිටින ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් විසින් අග්‍රාමාත්‍යවරයා පිලිගත් බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් ඔවුන් සතුට පල කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා රැඳී සිටි හෝටලයේ දී නැටුම් ගැයුම් ඇතුළු විචිත්‍රාංග කිහිපයක්ම ඉන්දීය ඩයස්පෝරාව විසින් සංවිධාන කර තිබුණා.

අග්‍රාමාත්‍ය මෝදි යනු ලොව පුරා ඉන්දියාවට කීර්තියක් ගෙන දෙන තැනැත්තා බවත් ඔහු  ඉන්දියාවේ දියමන්තිය බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඉන්දියානුවන් පවසන්නේ.