Friday, September 6, 2024

General line - 0115112241

කටුනායක සිට මුම්බායි දක්වා නව ගුවන් ගමන් ද්විත්වයක් හඳුන්වා දෙයි




ශ්‍රී ලංකන් ගුවන් සේවය කටුනායක සහ මුම්බායි අතර දිනකට ක්‍රියාත්මක කිරීමට ගුවන් ගමන් වාර ගණන 02ක් හඳුන්වා දි තිබෙනවා.

මේ අනුව, සෑම දිනකම පස්වරු 11යි 45ට සහ පස්වරු 05යි 10ට කටුනායක සිට මුම්බායි දක්වාද, පස්වරු 03යි 10 සහ පස්වරු 08යි 45ට කටුනායක සිට කොළඹ දක්වාද එම ගුවන් ගමන් ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කළේ.

මේ මඟින් කටුනායක සිට මුම්බායි අතර ගමන් කළ හැකි මගින් සංඛ්‍යාවේ සියයට 50කින් වැඩි වනු ඇති අතර මුම්බායි සිට පැමිණෙන මගීන්ට මේ හරහා කොළඹ සිට සිංගප්පූරුව, ක්වාලාලම්පූර් , බැංකොක් , ලන්ඩන් , ෆ්රැන්ක්ෆර්ට්, පැරිස්, මෙල්බර්න් සහ සිඩ්නි ඇතුළු ඈත පෙරදිග , යුරෝපය සහ ඕස්ට්‍රේලියාවේ    ගමනාන්ත වෙත පහසුවෙන් ළඟා වීමට අවස්ථාව හිමි වනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීම www.srilanka.com වෙබ් අඩවිය වෙත පැමිණ ලබා ගත හැකි බවයි ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.