Monday, September 16, 2024

General line - 0115112241

මෝටර් රථවල ප්‍රධාන ලාම්පු සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ටීකේජී කපිල




නිවෙස්වල නවතා ඇති මෝටර් රථවල ඉදිරි පස ප්‍රධාන ලාම්පු  ගලවා ගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත  සිදු කළ වැටලීමකදීයි.

එම සැකකරුවන් දෙදෙනා කටාන, කොච්චිකඩේ, කටුනායක, ගනේමුල්ල සහ පෑලියගොඩ යන ප්‍රදේශවල නිවෙස්වල නවතා ඇති නවීනතම මෝටර් රථවල ඉදිරි පස ප්‍රධාන ලාම්පු ගලවා ගෙන ගොස් කොළඹ, පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැල් වෙත අලෙවි කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී එලෙස සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා මෝටර් රථවල ප්‍රධාන විදුලි ලාම්පු තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අනෙක් සැකකරු කිරිල්ලවල, වෑබඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්.