Monday, September 16, 2024

General line - 0115112241

ජාඇල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් තිප්පොළක් විශේෂ කාර්ය බලකායෙන් වටලයි




ජාඇල, ඔතේ කැලේ ප්‍රදේශයේ දිගු කලක සිට මහා පරිමාණයෙන් රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

එම වැටලීමේදී අදාළ ස්ථානයේ තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 337.5ක්, තඹ දඟර 09ක් සහ යකඩ බැරල් 20ක් සිය භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.