Monday, September 16, 2024

General line - 0115112241

කළුබෝවිල රෝහලේ නව හදිසි ප්‍රතිකාර හා රසායනාගාර ඒකකය ජනතා අයිතියට




කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මහල් 08 කින් යුක්ත මිලේනියම් වාට්ටු සංකීර්ණයට හදිසි අනතුරු, හදිසි ප්‍රතිකාර ඒකකය හා රසායනාගාර ඒකකය රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කර තිබෙනවා.

එය ජනතා අයිතියට පත් කෙරුණේ සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය, පාලිත මහීපාල මහතාගේ සහභාගීත්ව‌යෙන්.

රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් සහිතව පවත්වාගෙන යාම මූලික කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ආරම්භ කළ විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම ප්‍රතිකාර ඒකක රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීමට පියවර ගැණුනා.