Monday, November 25, 2024

General line - 0115112241

උදුරාගත් අපේ උරුමය සියැසින් දැක බලා ගැනීමට මහජනතාවට අවස්ථාවක්




රට පුරා ඇති ප්‍රසිද්ධියට පත් නොවු පුරාවිද්‍යා ස්ථාන සංචාරක කර්මාන්තය සඳහා ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවලක් සකස් කරමින් සිටින බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

එම වැඩපිළිවල ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම වෙනත් රටවලට මෙරටින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ යලි ශ්‍රි ලංකාවට ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා.

එහි එක් පියවරක් ලෙස ලන්දේසි සමයේ මෙරටින් පැහැරගෙන ගිය කෞතුක භාණ්ඩ රැසක් පසුගියදා යලි ශ්‍රි ලංකාවට රැගෙන එනු ලැබුවා.

එම කෞතුක භාණ්ඩ මේ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.  

එම කෞතුක භාණ්ඩ මහජනතාවට නැරඹීමට ඊයේ දිනයේ සිට අවස්ථාව පවතිනවා.

“උදුරාගත් අපේ උරුමය නැවත අපිට” යන තේමාව යටතේ එය උත්සවාකාරයෙන් සිදුකෙරුණු අතර එහිදී සමරු මුද්දරයක්ද නිකුත් කළ බවයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පැවසුවේ.